පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1000ක් එකතු කිරීමේ මූලික පියවර මෙම වසරේදී ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
රටේ පවතින විදුලි හා බලශක්ති අර්බුදය පිලිබද සභාව කල් දැමීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
“රටක වගකීම ඉටු නොකිරීම නිසා ඇතිවුණු තත්ත්වය මත අද අපි ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. එම නිසා මම මේ සභාවට ඉතාම වගකීමකින් කියනවා, පුනර්ජනනිය බලශක්තිය පාවිච්චි කරලා අඩුම ගානේ තව මෙගාවොට් 1000ක්වත් ජාතික පද්ධතියට එකතු කරන්න අවශ්‍ය මූලික පියවර මේ අවුරුද්දේ ගන්නවා.”