හෙට මධ්‍යම රාත්‍රියේ සිට , බස් ගාස්තුත් නගී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

ප්‍රායෝගික ගැටළු පැවතියත් බස් ගාස්තු මිල ඉහළ දැමීමට පාදක කරගනු ලබන්නේ ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සැසදීමෙන් බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ.

බස් ගාස්තු ඉහළ දැමීමට අදාළව සකස්කළ ඛාණ්ඩ වර්ග 02ක් හෙට දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන් සම්මත වන ක්‍රමය යටතේ බස්ගාස්තු ඉහළ දමන බවත් ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේය .

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ හෙට දිනයෙත් බස් ධාවනයේ අඩුවක් පැවතිය හැකි බවයි.