රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග ඊශ්‍රායෙලයේදී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා
මෙම මාධ්‍ය හමුවේදී යුක්ක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරට අතර සාකච්ඡා පැවැත්වීමට නම් මුලින්ම සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බවයි.
මෙම යුද්ධය හේතුවෙන් මේ දක්වා යුක්රේන සෙබලුන් 1300ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්ක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියානු හමුදාව කියෙව් අගනුවර බලය ලබාගැනීමට නම් ‘අප සියලු දෙනාම මරා දැමිය යුතු බවද පැවසීය.
කෙසේ වුද මේ වන විට රුසියානු හමුදා උපක්‍රමශීලිව කියෙව් අගනුවර වට කරමින් සිටින අතර යුක්ක්‍රේන ජනතාවට පලා යාමේ කොරිඩෝ විවෘත කර තිබේ.