ගෑස් බෙදාහැරීම තාවකාලිකව නවතී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත .

ඒ ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන්.

කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් සීමිත වශයෙන් සපයන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටින්නේ.

මේ අතර අද අලුයම් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා ගෑස් අලෙවි නියෝජිත අලෙවිසැල් අසල පෝලිම් ගැසී සිටින බවට වාර්තා වේ.