බවුසර් වර්ජනය අවසන් – දිවයින පුරා පෙට්ට්‍රල් හිගයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව,  ඉහළ  දැමීමට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පොරොන්දු වූ බවත්, මේ අනුව සිදුකළ වැඩ වර්ජනය අද (16දා) දහවල් නවතා දැමූ බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.  

ඒ අනුව ඩීසල් මිල ඉහළ යාම හා ඩොලරය ඉහළ යාම ගණනය කර මේ මස 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රවාහන ගාස්තුව ලබාදීමට පොරොන්දු වූ බවද එම සංගමයේ සමලේකම් ඩී.වී.එස්. සිල්වා මහතා පැවසීය.