ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද පස්වරුවේ අත්සන් තැබිණ ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුරයි.
එහිදී ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල ගිවිසුමට අත්සන් තැබූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
මෙලෙස ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට අපේක්ෂිතයි.