ඉදිරියේදී වර්ෂාව නොලැබුණ හොත් විදුලි අර්බුදය උග්‍ර තත්ත්වයකට පත්වන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ජල විදුලිබලාගාරවල ජලය ප්‍රමාණවත් වන්නේ තවත් 10 ක් වැනි කාලයකට බවයි.
කෙරවලපිටිය බලාගාරයේ විදුලිය නිපදවිම නතර වී ඇති බැවින් ඉදිරියේදී දැවිතෙල් හා ඩීසල් නොලැබුණහොත් විදුලිය නිෂ්පාදනය කිරීමට බදා මතුවන බව ඔහු සඳහන් කළේ ය.
මේ දිනවල ජල විදුලියෙන් විදුලි ඒකක මිලියන ලක්ෂ 90 ක් ලබා ගන්නා බවත් මෙම තත්ත්වය අනුව ඉදිරියේදි විදුලි සැපයුම උග්‍ර තත්ත්වයකට පත්වන බව ජනක රත්නායක මහතා සඳහන් කළේ ය.
මේ අතර , කෙරවලපිටිය බගාගාරයේ විදුලි නිෂ්පාදනය දැවිතෙල් නොලැබීම හේතුවෙන් ඇනහිට තිබේ.