නවතම පුවත්

IMF වාර්තාව ගැන මහා බැංකුවේ ප්‍රතිචාරය මෙන්න !

CENTRA
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එම ප්‍රකාශය මගින් මහ බැංකුව පෙන්වා දෙන්නේ වාර්තාවේ සඳහන් නිර්දේශ සමහරක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම වාර්තාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ දීර්ඝ සහ ගැඹුරු අධ්‍යනයකින් පසුව ප්‍රකාශයට පත් කළේය.

පසුගිය වසරේ අගෝස්තු මස 21 වෙනි දින සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම,විනිමය අනුපාත පාලනය නොකිරීම,විදේශ විනිමය වෙළඳපොල ගණුදෙනු සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම ප්‍රධාන වෙළඳ භාණ්ඩ වල මිල වෙළඳපොල පදනම් කරගනිමින් සැකසීම වැනි පියවර කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව එම මහ බැංකු නිවේදනයේ සඳහන් වේ.

එසේම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුදලේ අරමුදල සමග සමීපව කටයුතු කිරීමට සුදානම් වීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුව ද මුල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ,

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි