ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ගන්න සූදානම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1 ක අතිරේක ණය පහසුකමක් ඉල්ලා ඇති බවට හෙළි නොකළ මූලාශ්‍ර දෙකක් සඳහන් කරමින් රොයිටරස් පුවත් සේවය වාර්තා කරයි.

වසර දෙකක් තුළ විදේශ විනිමය සංචිත 70% කින් පහත වැටීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට අරගල කරමින් සිටියි.

සහල්, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා භාවිතා කිරීමට යෝජිත මෙම නව ණය  පහසුකම සඳහා වන ඉල්ලෙලීම ඉල්ලීම ඉටු කරන බව නව දිල්ලිය පෙන්වා දී ඇති බව එක් මූලාශ්‍රයක් රොයිටර්ස් පුවත් සේවයට  පවසා තිබේ.

පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී අත්සන් තැබූ ඇමෙරිකානු ඩොලර් බිලියනක ණය  පහසුකමට අමතරව මෙම ණය මුදල ලබා ගැනීමට නියමිතය.