නවතම පුවත්

ඖෂධ වර්ග 40ක් හිඟයි – ජාතික රෝහලේ පරීක්‍ෂණත් ඇනහිටී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක තොග ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, එම සියලු ඖෂධ කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවයි.

ඖෂධ වර්ග දෙකක් මේ වනවිට රජයේ රෝහල්වල නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ,කොළඹ ජාතික රෝහල තුළ සිදු කරන පරීක්ෂණ සීමා කරන ලෙස රෝහල් පරිපාලනය, සියලු අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය පරීක්ෂණ පමණක් රෝහල තුළ සිදු කරන අතර දෛනිකව සිදු කරන පරීක්ෂණ විශාල ප්‍රමාණයක් අත්හිටුවීමට සිදුව තිබේ.

රට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මේ නිසා රෝගීන්ගේ පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණාගාර කට්ටල ආනයනය කිරීමටද නොහැකි වී තිබේ.

මීට පෙර වාර්තා වී තිබුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේද පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි. කෙසේ නමුත් මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත කඩිනමින් එම රෝහලේ පරීක්ෂණ කටයුතු යළි ආරම්භවීමට නියමිතව තිබිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා