නවතම පුවත්

කැබිනට් සංශෝධනයක් අතළඟ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දින කිහිපය ඇතුලත කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

මේ අතර, ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් සහ ඇමති වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන මහත්වරුන් පෙරේදා (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, භාරකාර ආණ්ඩුවක් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ.

භාරකාර ආණ්ඩුවක් පත් කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්මල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මේඅතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් යන මහත්වරුන් අරලියගහ මන්දිරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ (03) පෙරවරුවේ හමු වී සාකච්ඡා කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා