225දෙනාම ඉවත්වුනොත් මොකද වෙන්නේ ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 225 දෙනාම ඉවත්ව යා යුතු බවට ජනතාව තුලින් මේ වනවිට හඬක් මතුවෙමින් ඇත . එහෙත් එය ප්‍රයෝගික ඉල්ලීමක්ද ? එහි නීතිමය හා ව්‍යවස්ථාමය තත්වය කුමක්ද ? අප මේ ගැන මහාචාර්ය , නීතීඥ ප්‍රතිභා මහනාමහේවා මහතාගෙන් කල විමසීමකදී ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි .

” දැනට රට තුල පවතින ව්‍යවස්ථාව අනුව , සිදුකල හැක්කේ ඔලු ගෙඩි මාරුවක් පමණයි . මේ ඉන්න කට්ටිය අතරින්ම තමයි අලුත් කැබිනෙට්ටුව හදන්න වෙන්නේ . පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඉල්ලා අස් වුනත් සිදුවන්නේ කුමක්ද ? එවිට සිදුවන්නේ මැතිවරණ කොමිසම , ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයින්ට අවස්තාව ලබාදෙන එකයි . පසුගිය මැතිවරණයේදී ලබාගත් මනාප සංඛ්‍යාව මත ඒ ඒ පක්‍ෂවල , අපේක්ෂක ලැයිස්තුවල ඊළඟට සිටින අයව උඩට ගන්න වෙනවා. මේක තමයි සිද්ධවෙන්නේ .

දැනට මෙහිදී ගත හැකි එක පියවරක් වන්නේ මැතිවරණයකට යාමයි .නමුත් ඊට අවශ්‍ය මුදල් මේ අවස්ථාවේ තිබේද යන්න ගැටළුවක් , එසේම ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි , දැනට ඇති ව්‍යවස්ථාව අනුව මැතිවරණයකට යන්න වසර දෙකහමාරක් ගතවෙම අවශ්‍යයි .

එසේම තවත් තාවකාලික පියවරක් ලෙස සියලුම පක්ෂවලට මේ මොහොතේ පුළුවන් තමාගේ ජාතික ලැයිස්තු වල සිටින පුද්ගලයින් ඉවත්කර , ඒ වෙනුවට ජනතාව පිළිගත් අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ආ හැකියි . කෙසේ වෙතත් එසේ ගෙන ආ හැක්කේ 29 දෙනෙකු පමණයි . අවශ්‍ය නම් එම 29 දෙනාගෙන් කැබිනෙට්ටුවක් වුවත් හදන්න පුළුවන් .