දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපනය වන පරිදි ” සාමකාමී උද්ඝෝෂණයක්” යන තේමාව ඔස්සේ උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය කළද, දැනට පෙනී යන ආකාරයට කණ්ඩායම් දෙකක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වන බව ආරක්ෂක ලේකම් පවසයි.
එනම් එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වා ගෙන ගොස් ඔවුන් සාමකාමීව විසිර යන අතර, අනෙක් කණ්ඩායම සිතාමතාම රජයේ පොදු දේපල වලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපලවලට හානි පමුණුවන බව ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයේ දැක්වේ.
එම කණ්ඩායම විසින් ප්‍රධාන මාර්ගයන් හා ප්‍රසිද්ධ ස්ථානයන්හි එදිනෙදා ජනජීවිතයට අපහසුතා ඇති වන පරිදි මහජනතාව අසීරුවට පත් වන ආකාරයෙන් සංවිධානාත්මකව උද්ඝෝෂණයන් පවත්වාගෙන යන බව පෙනී යන්නේ යැයි ද හෙතෙම කියාසිටී.
මේ අතරතුර තවත් කණ්ඩායම් කිහිපයක් උද්ඝෝෂණකරුවන්ගේ වෙළෙඳසැල් කොල්ලකෑම් ද සිදුකර ඇති සිද්ධීන් වාර්තා වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.
එබැවින් ජනතාවගේ ආරක්ෂාව උදෙසාම මෙම උද්ඝෝෂණ අධීික්ෂණය කරන බවත් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුනොවීමට වගබලා ගනු ඇති බවත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

