නවතම පුවත්

ජනපති උපදේශකත්වයට ආර්ථික විශේෂඥයන් කණ්ඩායමක් පත්කෙරේ

අසංක

අසංක

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතාව පිළිබඳ කීර්තිමත් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතන හා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරී ඇති වගකීමයි.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන් මහතා, ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMF අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මිනි කුරේ මහත්මිය එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

ජනාධිපතිවරයා හමු වූ එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා