නවතම පුවත්

අගමැති ඉවත්කරන්න – හවුල්කාරක පක්‍ෂ ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි හවුල්කාර පක්ෂ 11 සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වන යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ ඉඳගත් මන්ත්‍රීවරුන් 42 දෙනා වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත පෙරේදා (08)පස්වරුවේ යවා ඇත.

අර්බුදයට විසඳුම් සෙවීමට සියලු පක්ෂ වලින් සැදුම්ලත් ජාතික විධායක සභාවක් පත් කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ එකඟතාව මත නව අගමැතිවරයකු හා සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසත් ,එමගින් යෝජනා කර ඇත.

එම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එක්ව කටයුතු කර ,සීමිත කාලයක් තුළ මැතිවරණයකට යායුතු බව ද යෝජනාවලිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත්කර, අමාත්‍යංශ ගණන තීරණය කරන ලෙසත්,ඊට ගැළපෙන ලෙස සියලු පක්ෂ වලින් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ලෙසත් එම ලිපිය මගින් යෝජනා කර ඇත.

මීට අමතරව,අර්බුදය විසඳීම සඳහා කෙටිකාලීන හා මැද කාලීන වැඩ පිළිවෙළක් ද එම ලිපිය මගින් යෝජනා කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්