නවතම පුවත්

මුදල් මණ්ඩලයේ දෙදෙනෙක් දිගටම වැඩ

අසංක

අසංක

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ කටයුතු කළ සාමාජිකයන් දෙදෙනෙකු අඛණ්ඩව සේවය කිරීමට කැමැත්ත පළකර ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය ලෙස අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත.

ඔවුන් සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේය.

“මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මම ඉමහත් සතුටට පත්වෙමි. ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇත. ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස මටත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි.” යැයිද මා බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි