මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය පරිත්‍යාග කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විදෙස්ගත ලාංකිකයන්ට අවස්ථාවක් සලසා තිබේ.
ඒ පිළිබඳ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙත නිකුත් කරන ලද පණිවුඩයක් පහත දැක්වේ.
“කොවිඩ් – 19 වසංගතය, ගෝලීය දේශපාලනික අසමතුලිතතා සහ රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් සිඳී යාම ඇතුළු කාරණා ගණනාවක් හේතුවෙන්, ශ්‍රී ලංකාව මේ වන විට ස්වකීය ජනතාවගේ සාමාන්‍ය දිවිපැවැත්මට බාධා එල්ල වන, සාමාජීය, ආර්ථික සහ මූල්‍ය ව්‍යසනයකට මුහුණු දෙමින් සිටියි.
මෙරටෙහි ණය වගකීම් සක්‍රීයව කළමනාකරණය කිරීමට පියවර ගැනීම, මිත්‍රශීලී රටවලින් වහාම මූල්‍ය සහාය ලබා ගැනීම හා පරිපූර්ණ වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වමින් ඉදිරියට යාම ඇතුළුව රටේ පවතින වත්මන් තත්ත්වය සඳහා පිළියම් යෙදීමට බලධාරීන් පියවර ගනිමින් සිටියත්,අපගේ ජනතාව එවැනි ක්‍රියාමාර්ගවල ධනාත්මක බලපෑම් භුක්ති විඳිනු ඇත්තේ මැදි කාලයේ සිට දිගු කාලයේ දී ය. කෙසේ වෙතත්, ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළුව දෛනික අත්‍යවශ්‍ය ආනයන සපුරා ගැනීමට රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නැංවීමට හදිසි පියවර ගැනීම සඳහා අවශ්‍ය වී ඇත.
මෙවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සඳහා බෙහෙවින් අවශ්‍ය වී පවතින විදේශ විනිමය පරිත්‍යාග කිරීම මගින් මෙම තීරණාත්මක අවධියේ දී රටට සහාය ලබා දීම සඳහා තම කැමැත්ත පළ කරමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කළ ප්‍රකාශයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාදරයෙන් පිළිගනු ලැබේ. සහාය ලබා දීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ බැංකුවල පවත්වා ගෙන යනු ලබන පහත ගිණුම්වලට විදේශ විනිමය පැවරුම් සිදු කළ හැකි අතර, එවැනි විදේශ ව්‍යවහාර මුදල් පැවරුම් ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා පමණක් භාවිත කරනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික වනු ලැබේ.

රැස් කරනු ලබන මුදලෙහි සහ එවැනි විදේශ ව්‍යවහාර මුදල් සම්පත් භාවිතයේ විනිවිදභාවය පවත්වා ගෙන යාම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි නිලධාරීන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කොට ඇති අතර, පවසන ලද කමිටුව විසින් කාර්තුමය පදනමක් මත cbsl.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ සහාය ලබා දෙන්නන්ගෙන් ලැබෙන විදේශ ව්‍යහාර මුදල්වල මූල්‍ය ප්‍රකාශ ප්‍රකාශයට පත් කරනු ඇත.
ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ
අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුව