නවතම පුවත්

ඖෂධ හිඟය දරුණු අතට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට ආනයනය කරන ඖෂධ වර්ග සියයට 85 ක හිඟයක් රට තුළ පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය .ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ පවතින ඩොලර් හිඟය මෙම තත්ත්වයට බලපා ඇති බවයි


සෞඛ්‍ය අමාත්‍යංශයේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක මුදලක් ලැබීමට නියමිත අතර . එම සම්පූර්ණ මුදල ඖෂධ ගෙන්වීම සඳහා වෙන් කිරීමට අපේක්ෂා කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේය .

සාමාන්‍යයෙන් වාර්ෂිකව මෙරටට ඖෂධ වර්ග 14,000 ක් ආනයනය කරනවා. ඒ සඳහා ඩොලර් මිලියන 40 ක් පමණ වැයවන බවටයි වාර්තා වන්නේ. මෙම සියලුම ඖෂධ එකවර ආනයනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර අත්‍යවශ්‍ය ඖෂධ පළමුව ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අදාළ ලැයිස්තුව සකස් කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන්. ඒ අනුව ඖෂධ වර්ග 14,000 න් වර්ග 100 ක් හෝ 150 ක් ප්‍රමුඛතාව මත ආනයනය කරනු ඇති.

එම ඖෂධ මාස තුනකටවත් අවම වහයෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය

මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදේශීය තානාපති කාර්යාලවලින් විශේෂ ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි