නවතම පුවත්

චීනයේ ණය මුදල ගැන බලාපොරොත්තුවක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයෙන් අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල නියමිත පරිදි හිමිවනු ඇති බවට දැඩි විශ්වාසය පළ කරන බවත් එම කටයුතු ප්‍රගතියට පත්වෙමින් ඇති බවට චීන බලධාරීන් තමා වෙත සහතිකයක් ලබා දී ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන විදෙස් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2. 5ක ණයක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර ඉන් බිලියනයක් ලබන ජූලි මාසයට නියමිත චීනයෙන් ලබාගත් ණය යළි ගෙවීම සඳහා වන අතර ඉතිරි බිලියන 1. 5ක මුදල, ණය පහසුකමක් ලෙස ලබාගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

චීනය සමග ඉතා සමීප සබඳතා පවත්වන රටක් වන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී අවස්ථාවේ ඔවුන් ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර දක්වනු ඇති බවට ආචාර්ය පාලිත කොහොන මහතා විශ්වාසය පළ කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි