හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද පූර්ව භාග 08 යි 41 ට උදාවිය , අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය උදා වුණේ අද අලුයම 02 යි 17 ට යි. පස්වරු 03 යි 05 ට පුණ්‍ය කාලය නිමාවට පත්වනවා.
මෙවර නැකත් සීට්ටුවට අනුව හිස තෙල් ගෑමේ නැකත උදාවන්නේ අප්‍රේල් 17 වන ඉරිදා පූර්ව භාග 07 යි 04 ටයි. “රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානුද, තෙල්ද ගා ස්නානය කිරීම මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.
රැකීරක්ෂා සඳහා පිටත්වීමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 18 වන සඳුදා පූර්ව භාග 06 යි 51 ටයි. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වීම මැනවි යනුවෙනුයි නැකැත් සීට්ටුවේ සඳහන්ව ඇත්තේ.
මෙවර නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතක්ද ඇතුලත්. ඒ අනුව අප්‍රේල් 18 වන සඳුදා පෙරවරු 11 යි 16 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැළ සිටුවීම සුදුසු බව නැකැත් සීට්ටුවේ දැක්වෙනවා.