නව කැබිනට් මණ්ඩලය සූදානම් – ජනපති ධූරයේ වෙනසක් නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී .

නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා සිටී.

හිටපු ඇමතිවරු කිහිප දෙනකුට අමාත්‍ය ධුර හිමි නොවේ. බැසිල් , චමල් , නාමල් , ශෂීන්ද්‍රට ඇමතිධුර ලබා නොදේනු ඇති බවටද තොරතුරු වාර්තාවේ ..

. රාජ්‍ය අමාත්‍ය ධුර වෙනසක් නොවේ. මුදල් ඇමති ධුරය ස්ථිරවම අලි සබ්රි දරනු ඇති බවටද වාර්තාවේ.


පොහොට්ටුවේ ස්වාධීන වූ කිහිප දෙනකු රාජ්‍ය පරිපාලන , ඛනිජ තෙල් කර්මාන්ත ආදි අමාත්‍ය ධුර භාරගැනීමට ජනපතිවරයාට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී.ල.නි.ප කිහිපදෙනකුද ආණ්ඩුවට සහාය දිය යුතුය යන ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.

හිටපු ඇමැතිවරු රැසක් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව නැති බව ද දැනගන්නට ඇත.

ව්‍යවස්ථානුකූලව තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව ධුරයේ කටයුතු ඉදිරියටත් සිදුකරගෙන යන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ පැවති සාකච්ජාවලදී තහවුරු කර ඇති බවටද වාර්තාවේ ..