ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය 74% දක්වා ඉහළට ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 74 දක්වා ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා සම්පාදනය කල නවතම සමීක්‍ෂණ වාර්තාවක දැක්වේ. .

රුපියල පා කර හැරීම උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇතැයිද මහාචාර්ය ස්ටීව් හැන්කි මෙම වාර්තාවේ පෙන්වාදී ඇත .

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් මූල්‍ය අර්බුදයන්ට ලක් වූ රටවල්වල ආර්ථික සාධක සලකා බලමින් මෙම වාර්ෂික උද්ධමන දර්ශකය ගණනය කරයි.

මාර්තු මස ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලැබූ සියයට 18.7 ක් වූ ශ්‍රී ලංකාවේ නිල උද්ධමන ප්‍රතිශතය මෙන් හැන්කි ගේ උද්ධමනය තුන් ගුණයකටත් වඩා වැඩිය.

ඉදිරි මාස තුන තුළ නිල උද්ධමනය සියයට 28 ක් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේ‍්‍රල් 8 වැනිදා පුරෝකථනය කළේය.