රට තුළ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගෙන දෛනික කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී
වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයට පත් නොවන අයුරින් කටයුතු කිරිම මෙම අවස්ථාවේදී වඩාත් වැදගත් වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ,
බරපතල රෝගාබාධවලින් පෙලෙන්නන්ට හිඟයකින් තොරව ඖෂධ ලබාදීම සඳහා ඖෂධ අරපිරිමැස්මෙන් භාවිතා කල යුතුව ඇති බවත් , ඒ සඳහා මහජනතාවගේ සහයද අවශ්‍ය බවත් ඒ මහතා පැවසීය .
වැඩිහිටියන් හා රෝගී පුද්ගලයින් නිවෙස් වලින් බැහැර කිරීම සීමා කර ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමට සියලු දෙනා වගබලාගතයුතු බවද ඒ මහතා පැවසීය .