ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පවසයි .
බංග්ලාදේශයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 450 ගෙවීම කල්දැමීමට එරට රජයද කැමැත්ත පළ කර ඇති බව අමාත්‍යවරයා . රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත ,
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන ආධාර ලැබීමට මාස 6 පමණ කාලයක් ගත වන බවද විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත. කොටස් වශයෙන් එම ආධාර ලැබෙන තෙක් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට සදහා ආධාර සොයාගත යුතු බවද විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබෙ.
මේ අතර පවතින දුෂ්කරතා මගහරවා ගැනීම සදහා ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදීමට චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය තීරණය කර තිබෙ. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාල සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව ප්‍රකාශ කර තිබින