නවතම පුවත්

අගමැති මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව දිගටම – යෝජනාවක් සම්මතයි

අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාමේ යෝජනාවක් අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඒකමතිකව සම්මත වී තිබේ.

රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණදිය යුතු බවත් ඒ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී යූ කේ සුමිත් මහතා ස්ථීර කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ සති කීපයක් ඇතුළත ඉන්ධන සහ විදුලි ගැටලුව විසදීමට පියවර ගෙන ඇති බවයි.

ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ඉදිරි සති කිහිපයේ දී ලබාදීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද විෂයභාර අමාත්‍යවරුන් මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්