ලංකාවට ගොඩඑන්න උදව් කරන්න IMF ලෑස්තියි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමෙන් අනතරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඊයේ සිය ස්ථාවරය පිළිබඳ ප්‍රකාශයක් කරමින් මේ බව කීය.

එහිදී IMF කළමනාකාර ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ එහි කළමනාකාරිත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් හමුවි සාකච්ඡා කළහ.

එම සාකච්ඡාවලදී මෙරට ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ ඒකාබද්ධ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබදවය.

එමෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් කෙරෙහි ඇති වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ගයක වැදගත්කම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමඟ සංවාදයක නිරත වීමට ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සැලැස්ම ද සුබවාදී බවට IMF කණ්ඩායම පිළිගෙන ඇත.