නවතම පුවත්

ශ්‍රී ලංකා – IMF ගනුදෙනුව ගැන චීනය විමසිල්ලෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ මොහොතේ ශ්‍රී ලංකාවට තිබෙන ඵකම හා හොදම විසදුම චීනයේ සහාය පැතීම නොවන බව මෙරට චීන තානාපති චී චෙන්හොංග් පවසයි . කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඵ්ම සදහා චීනය ඕනෑම මොහොතක සහය ලබා දෙන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදි මාධ්‍ය ප්‍රධානින් සමග අද පැවති සාකච්ඡාවකදී පැවසුවේ.

අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට බොහෝ මිතුරන් සිටින බවත් මේ මොහොතේ බටහිර රටවල් ශ්‍රී ලංකාවට තම මූල්‍යමය සහයෝගය ලබා දිය යුතු බවත් චීන තානාපතිවරයා එහිදී පැවසුවේය . ඵමෙන්ම ශ්‍රී ලංකාව අයි ඵම් ඵෆ් සමග කටයුතු කරන ආකාරය දෙස අවධානයෙන් යුතුව බලා සිටින බවයි ඔහු අවධාරණය කළේ. මේ මොහොතේදි ශ්‍රී ලංකාව කඩිනම් විසදුම් සොයන අතරතුර දීර්ඝකාලීන විසදුම් ද සෙවිය යුතු බවත් රටක මූල්‍යමය කටයුතු දේශපාලනීකරණය නොවිය යුතු බවත් ඔහු සදහන් කළේය .

වර්තමානයේ පවතින අර්බුදයෙන් මිදීම සදහා 2021 වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා චීනය විසින් මෙරටට මෙටි්‍රක් ටොන් හත් ලක්ෂ 30,000ක ඉන්ධන සපයා තිබෙ. මෙලෙස ඉන්ධන ලබාගත්තද මුදල් ගෙවා ඇත්තේ ඉන්ධන තොග 7 ක් සදහා පමණක් බවත් තවත් ඉන්ධන තොග 12 කට මුදල් ගෙවීමට ඉතිරිව ඇති බවත් චීන තානාපතිවරයා පැවසුවේය .

ඵ් අනුව ශ්‍රී ලංකාව, චීනයෙන් ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවීමට ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 390 ක්වේ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි