නවතම පුවත්

වර්ජනයෙන් රට අඩපණයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද දින පැවති එක්දින සංකේත වැඩවර්ජනය සඳහා දිවයින පුරා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් එක්වසිටියහ . වර්ජයට එක්වූ පිරිස් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම විරෝධතා සහ පාගමන්වල නිරතවී සිටි අතර මේ හේතුවෙන් රටපුරා සේවා අංශ රැසක් අඩපණ විය .

ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (28) ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට සහයොග්ය දක්වමින් පරිපාලන සේවා නිලධාරීන් නිවාඩු දමා කොළඹදී නිදහස් චතුරශ්‍රයේදී නිහඬ විරෝධතාවක් පැවැත්වූ බවත් එම විරෝධතාවට පරිපාලන සේවයේ නිලධාරීන් 1200 ක් පමණ සහභාගි වූ බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උප සභාපති ධම්මික මුතුගල මහතා පැවසීය.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන දහස් ගණනක සේවක සේවිකාවොද අද මෙම වර්ජනයට හා විරෝධතාවලට සහභාගී වී සිටියහ.

ඔවුන් අද දින තම කර්මාන්තශාලා තුළ සේවය නොකරමින් මෙම විරෝධතා ව්‍යාපාරයට එක් වී සිටියහ.මෙම පිරිස විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවට සම්බන්ධ වී සිටියහ . මෙම විරෝධතා ව්‍යාපාරයට සහාය දැක්වීමට කටුනායක ඇවරිවත්ත නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා තිබේ .

කොළඹ වරාය ඇතුළු සමස්ත වරාය පද්ධතියේ කටයුතුවල දැන් ක්‍රියාත්මක වැඩ වර්ජනය සැළකිය යුතු බලපෑමක් කර ඇති බවත් එසේවුවද කොළඹ වරායේ කටයුතු බාධක මධ්‍යයේ ක්‍රියාත්මක බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (28) පස්වරුවේ පැවසීය.

වරාය සේවයන් රැසක් ද වැඩවර්ජනයට සහය දක්වමින් නිවාඩු දමා සේවයට වාර්තා කර නොමැති බව කී එම නිලධාරියා අපහසුතාව මධ්‍යයේ සේවයට වාර්තා කළ සේවයන්ගෙන් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා