නවතම පුවත්

ඉන්දියාව උණුසුම්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දිල්ලිය ඇතුලු ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සතිය තුළ බොහෝ ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 04 කින් පමණ ඉහළ යනු ඇති බවයි.

එය සැලකෙන්නේ වසර 122 කට පසු ඉන්දියාවෙන් වාර්තා වන ඉහළ ම උෂ්ණත්වය ලෙසයි. පවතින අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ඉන්දිය ජන ජීවිතයට ද එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්. ඉන්දිය වාර්තාවල දැක්වෙන්නේ එදිනෙදා ජීවන උපාය සිදුකරන මිලියන ගණනක පිරිසකට මෙමඟින් දැඩි බලපෑමක් එල්ලකර ඇති බවයි.

මේ අතර නවතම පාරිසරික වාර්තාවක දැක්වෙන්නේ ඉකුත් වසරේදී පෘථිවියට උතුරු ප්‍රදේශයේ තිබූ වන ගහණය විශාල වශයෙන් අහිමිවී ඇති බවයි. “ග්ලෝබල් ෆොරස්ට් වොච්” නම්වූ සංවිධානයේ මෙම වාර්තාවට අනුව පෘථිවියේ උතුරු ප්‍රදේශයෙන් පමණක් අහිමිවී ඇති වන ගහණය සියයට 30 ක්. ඇතැම් ප්‍රදේශවල එක් විනාඩියකට පාපන්දු ක්‍රීඩාංගන 10 ක් තරම් විශාල ප්‍රාථමික වනානන්තර විනාශවී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර 2021 වසරේදී ලොවට අහිමි වී ඇති වනගහනය භූමි ප්‍රමාණයෙන් බි්‍රතාන්‍යයේ භූමි ප්‍රමාණයට වඩා වැඩි බවද නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ ගෝලීය දත්ත වාර්තා පදනම් කරගෙනයි. එම වාර්තාවට අනුව 2021 වසරේදී විනාශයට ලක්ව ඇති වනාන්තර භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් දෙලක්ෂ 53000 ක්.

මේ අතර මේ දිනවල මෙරට උෂ්ණත්වය ද ඉහළ ගොස් තිබෙනවා. ජනතාව පවසන්නේ උදෑසන කාලය පවා වෙනදාට වඩා උණුසුම්වී ඇති බවයි. දිගින් දිගටම සිදුවන වන විනාශය සහ ඉන් ඇතිවිය හැකි අනාගත බලපෑම් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝව දිගින් දිගටම තොරතුරු අනාවරණය කළා. අනාවරණයෙන් පමණක් නොනැවතී රටේ වන ගහණය ආරක්ෂා කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව දිගින් දිගටම පෙරමුණ ගෙන කටයුතු කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්