නවතම පුවත්

නැවතත් කොවිඩ් අවදානමක් මතුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වයිරසය ගෝලීයව තුරන්ව නැතිකම හේතුවෙන් මෙරට නැවතත් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මේ දිනවල පවතින තත්ත්වය අනුව පැහැදිලිවම කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක් පවතින බවත් ආසාදිතයන් වාර්තා වීම අඩු වුවද රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසුවේය.

ජනතාව ඒකරාශී වීමේ අවස්ථාවන් මේ දිනයන්හි ඉහළ ගොස් ඇතැයි ද, පුද්ගලයන් ඒකරාශී වීමේදී ඒ අතුරින් එක් පුද්ගලයකුට හෝ වයිරසය පැවතියහොත් පුද්ගලයන් රැසකට ව්‍යාප්ත විය හැකි යැයි ද හෙතෙම පැවසීය.

කොවිඩ් වයිරස් අවදානමෙන් මිදීම සඳහා මුව ආවරණ පැලඳීම ඇතුළු කොවිඩ් මර්දන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු යැයි ද ඔහු කීය.

රටේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් ජනතාවට ක්‍රමක්‍රමයෙන් අමතක වීම සිදුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මෙරටින් ආසාදිතයන් 663,408ක් මේ වන විට වාර්තා වී ඇති බවත් කොවිඩ් මර්දන එන්නත්කරණය හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම මේ වන විට පැහැදිලි ලෙසම අවම වී ඇති බවත් ඒ මහතා පැවසුවේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි