නවතම පුවත්

කොළඹ මහ නගර සභාවේ මහා පරිමාණ වංචාවක් , විගණන වාර්තාවෙන් හෙළිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් , ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යාමට හා වාහන නවතා තැබීම සඳහා යැයි පවසමින් , කොළඹ මහනගර සභාවට අයත් ඉඩම් රාශියක් නොමිලයේ ලබාගෙන , ඒවා පිටස්තර පුද්ගලයින්ට හා ආයතනවලට බදුදී මාසිකව ලක්‍ෂ ගණනින් මුදල් උපයන බවට තොරතුරු අනාවරණයවී ඇත .

ජාතික විගණන කාර්යාලය , සිදුකරන ලද වෝහාරික විගණනයකින් , මෙම මහාපරිමාණ වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත ,

මෙම වංචාව හේතුවෙන් කොළඹ නගර සභාවට ලැබිය යුතු හිඟ ආදායම රුපියල් බිලියන 525 ක් බව විගණන වාර්තාවේ දැක්වේ . එසේම මේ හේතුවෙන් නගර සභාවට අහිමිවූ මුදල රුපියල් මිලියන 5200කට ආසන බවද වාර්තාවේ දැක්වේ .

වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි මෙම වංචාව සඳහා ලබාගෙන ඇත්තේ කොළඹ 5 ප්‍රදේශයේ ඉඩම් වන අතර , කිසිදු ගෙවීමකින් තොරව මෙම ඉඩම් ලබාගෙන, ඒවා අයථා ලෙස පිටස්තර පුද්ගලයින්ට ලබාදී මෙම මන්ත්‍රීවරු විශාල බදු වංචාවක් සිදුකර ඇති බවද වාර්තාවේ දැක්වේ.

මෙසේ වංචා කල එක මන්ත්‍රීවරයෙකු නගර සභාවට මිලියන 45 ක පමණ මුදලක් ගෙවීමට ඇති බවද වාර්තාවෙන් අනාවරණය වී ඇත ,

වාර්ෂිකව නගර සභාව ලැබිය යුතු , රුපියල් කෝටි 500ක පමණ මුදලක් මෙවැනි බදු පහරහැරීම් හා වංචා හේතුවෙන් අහිමිවන බවද වාර්තාවේ දැක්වේ .

අදාල සම්පූර්ණ විගණන වාර්තාව පහත දැක්වේ .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!