නවතම පුවත්

ගෑස් හිඟය තවත් මාසයක් පවතීවි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. තායිලන්තයෙන් ආනයනය කෙරෙන පළමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කළේ. ගෑස් ගෙන්වන සියම් සමාගම සමඟ මෙම සතියේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි.

නෞකාව එරටින් පැමිණීමට පෙර ගෑස් පිළිබඳ තත්ත්වය පරීක්ෂාවක් සිදුකර වාර්තාවක් මෙරටට සපයනු ලබනවා. නෞකාව මෙරටට පැමිණීමෙන් පසුව ද ගෑස් පිළිබඳ තත්ත්ව පරීක්ෂාවක් සිදුකරන බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. මෙරටට ගෑස් ගොඩබෑමට පෙර එම වාර්තාවන් දෙකෙහිම දත්ත සමාන විය යුතු බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

තායිලන්තයෙන් ආනයනය කිරීමට වසරකට අපේක්ෂිත ගෑස් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක්. කෙසේවෙතත් තායිලන්තයෙන් ගෑස් ගෙන්වුවද දැනට වෙළඳපොළෙහි පවතින මිලෙහි වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගමේ ජේ්‍ය්ෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්