නවතම පුවත්

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී සහ නියෝජ්‍ය වෙිත්‍රධාරීට පහරදෙයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී පාර්ලිමේන්තු වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහත්වරුන් බිම ඇද වැටී ඇත.

හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ගයන්ත කරුණාතිලක, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, මූජිබුර් රහුමාන් ඇතුළු තවත් පිරිසක් දිගින් දිගටම කතානායකවරයා මුලසුනට කැඳවන ලෙස බලකරමින් සිටින අතර හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සෙංකෝලය අසලට පැමිණියහ.

ඒ සමඟම වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හා නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා ‍ සෙංකෝලය ආරක්ෂා කරමින් එය සිය යටතට පත්කරගන්නට උත්සාහ කිරීමත් සමඟ ඔවුන්ට පහර දීමක් සිදු වනු දක්නට ලැබිණ.

ඒ සමඟ සෙංකෝලය සමඟ වේත්‍රධාරිවරයා ඇද වැටුනු අතර ‍සෙංකෝලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණ.

පසුව ඒ අසලට සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරුද පැමිණි අතර පොර බැදීමේදී නියෝජ්‍ය වේත්‍රධාරී වරයාද ඇඳ වැටෙනු දක්නට ලැබිණ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා