නවතම පුවත්

ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට! – සමාජ ජාල කැළඹූ ඉන්දීය දේශපාලකයාගේ කතාව

අසංක

අසංක

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි විසින් ශ්‍රී ලංකාවේ ඇති වූ නොසන්සුන්තාවයට අදාළව යැයි ඉන්දීය මාධ්‍ය විසින් හුවාදක්වන ඔහුගේ ට්විටර් ගිණුමේ පළකළ සටහනක් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

ඔහු ට්වීට් කර තිබුණේ, “ව්‍යවස්ථාපිත ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා වහාම ඉන්දීය හමුදාව යැවිය යුතුය. වර්තමානයේ ඉන්දීය විරෝධී විදේශ බලවේග ජනතා කෝපයෙන් ප්‍රයෝජන ගනිමින් සිටී. මේක ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපානවා.” යනුවෙනි.

ඔහු සිය පණිවිඩයේ ශ්‍රී ලංකාව ගැන සෘජුව සඳහන් කර නොතිබුණද බොහෝ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ වාර්තා වන නොසන්සුන්තාව පිළිබඳව ඔහු අදහස් දක්වන බවයි.

ස්වාමි මහතා හිටපු අගමැති මහින්ද රාපක්ෂ මහතාගේ දීර්ඝ කාලින සමීප මිතුරකු බවට ද ප්‍රකට ය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !