රුපියලේ අගය ඉහළ යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

රුපියලට සාපේක්ෂව දිනෙන් දින ඉහළ ගිය අමෙරිකානු ඩොලරය අද දිනයේ පහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ රුපියල් 377ත් 380 අතර විකුණුම් මිලක් සටහන් වූ අමෙරිකානු ඩොලරය රුපියල් 365 ක් දක්වා පහළ යමිනි.

මහජන බැංකුව අද ඩොලරයේ විකුණුම් මිල ලෙස දැක්වූයේ රුපියල් 364.96 ක් ලෙසිණි. ඩී.එෆ්.සී.සී. බැංකුව දැක්වූයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 360 ක් ලෙසිණි. එසේම සම්පත් , එන්.ඩී.බී සහ කොමර්සල් බැංකු සටහන් කරනු ලැබුවේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 365 ක් බවය.