නවතම පුවත්

හින්දු පුවත්පත් වාර්තාව පදනම් විරහිතයි – ආරක්‍ෂක අමාත්‍යාංශය .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට එල් ටී ටී ඊ සංවිධානයේ මෙරට හිටපු සාමාජිකයින් යළිත් එක්ව සැලසුම් සකස් කරන බවට ඉන්දියාවේ හින්දු පුවත්පත ඊයේ වාර්තා කර තිබිණ ,

කෙසේ වෙතත් මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශය මෙම වාර්තා ප්‍රතික්‍ෂේප කර ඇත .

එම වාර්තා පදනම් විරහිත බව ආරක්‍ෂක අමාත්‍යංශ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර සිටී . එවැනි සැලසුමක් හෝ අනතුරක් පිළිබඳව බුද්ධි අංශ වාර්තා ලැබී නැති බවද එම ප්‍රකාශකයා පවසයි .

සැකකටයුතු එල් ටී ටී ඊ සාමාජිකයින්ගේ ඒකරාශිවීමක්, සැලසුමක් සහ ඔවුන් දෙරටෙහි මුහුදු සීමාව හරහා මෙරටට ඇතුළුවීම හෝ මෙරට සිට ඉන්දියාවට ඇතුළුවීම සම්බන්ධයෙන් තමිල්නාඩු බලධාරීන් දැඩි අවදානයෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබින .

ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති මෙවන් අවස්ථාවක එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශවල අවදානය යොමුව ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණි ,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්