නවතම පුවත්

ගෑස් තොගයකට මුදල් ගෙවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙලෙස මුදල් ගෙවූ ගෑස් තොග ගොඩබෑමෙන් පසු හැකි ඉක්මනින් බෙදාහැරීමට පියවර ගන්නා බවයි.

මේ අතර මෙරට පවතින ඩොලර් හිගය නිසා ඉදිරි සතිවලදී ඉන්ධන සදහා ගෙවීම් සිදු කිරීමට වෙනත් ක්‍රමයක් සොයා බලමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ මෙරටට ළගා වුණා. ඒ, ඉන්දීය ණය ආධාර යටතේයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ නීතිපති සංජය රාජරත්නම් හමුවීමට නියමිතව තිබෙනවා. එහිදී විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඉන් අනතුරුව එය කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරා මෙහිදී සදහන් කර තිබෙනවා.

මේ අතර රට තුළ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සදහන් කළා

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි