නවතම පුවත්

ජොන්ස්ටන් , සනත් නිශාන්ත ඇතුළු 22 ක් අත්අඩංගුවට ගැනීමට නියෝග !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අරලියගහ මන්දිරය ඉදිරිපිටත් ගාලු මුවදොර පිටියේත් සාමකාමී අරගලයේ නිරතව සිටි පිරිස් වෙත පහරදීමට අදාලව මෙතෙක් හඳුනාගෙන සිටින සැකකරුවන් 22ක් සම්බන්ධයෙන් ඝෘජු මෙන්ම අවස්ථානුකූල සාක්ෂි සහ තාක්ෂණික සාක්ෂි ඇත්නම් හැකි ඉක්මනින්ම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ලිඛිත උපදෙස් ලබාදී තිබේ.

මෙසේ නීතිපති උපදෙස් ලැබී ඇත්තේ අධිකරණය මඟින් ගුවන් ගමන් තහනම් කළ අයගෙන් කොටසක් සම්බන්ධයෙනි.

එම උපදෙස් ලබාදී ඇත්තේ හිටපු මැති ඇමතිවරු කිහිප දෙනෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙක් සම්බන්ධයෙනි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඩෑන් පියසාත්, මහින්ද කහඳගම, නාලක විජේසිංහ, බන්දුල ජයමාන්න, දිනෙත් ගීතික, සමන් ලාල් ප්‍රනාන්දු, වසන්ත, සුභාෂ්, අමල් සිල්වා, සමීර චතුරංග, රමණි, තුෂිත රණබාහු, සජිත් සාරංග, පුෂ්පලාල් කුමාරසිංහ, නිශාන්ත මෙන්ඩිස්, පුෂ්ප කුමාර, සචිනි ප්‍රනාන්දු යන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

මෙම සැකකරුවන් ඔවුන්ගේ දන්නා ලිපිනයන්හී සොයා ගැනීමට නොමැතිනම් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බව ය. එමෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙක් මඟින් විවෘත වරෙන්තුවක් ලබාගත යුතු බවත් එම උපදෙස් වල සඳහන්ය.

එහි වැඩිදුරටත් සදහන්ව ඇතැයි පැවසෙන්නේ මේ වන විට විදෙස් ගමන් තහනම් ලබාගෙන සිටින පුද්ගලයින්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇති බවය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි