(දම්පත් රණසිංහ )
නියෝජ්‍ය කථානායක ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා තේරීපත් විය.
ඒ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ රෝහිනී කවිරත්න මහත්මියට වඩා වැඩි ඡන්ද 31ක් ලබා ගනිමිනි.
අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ක් ලබා ගත් අතර රෝහණී කවිරත්න මහත්මියට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 78 කි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරනු ලැබුවේ ඡන්ද 23ක් නරක් වී ඇති බවය.
අද පැවැති නියෝජ්‍ය කථානායකවරයා තේරීම සඳහා ඡන්ද 210 ක් භාවිතාකර තිබේ.
අජිත් රාජපක්ෂ මහතා නවක මන්ත්‍රීවරයෙකි.