2022 වසරේ මාර්තු මාසයේ දී අපනයන ඉපැයීම්, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සුළු අඩු වීමක් වාර්තා කළ ද, අඛණ්ඩව දසවන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියේය. මේ අතර, ආනයන වියදම්, 2021 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළඳ හිඟය, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2022 වසරේ මාර්තු මාසයේ දී පහළ ගියේය. සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර මාසයට සාපේක්ෂව, 2022 වසරේ මාර්තු මාසයේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. 2022 වසරේ මාර්තු මාසය තුළ දී, කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලැබුණු විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීමක් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් දින විනිමය අනුපාතිකයෙහි යම් ඉහළ විචලනයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට අන්තර් බැංකු බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකයෙහි මධ්‍යය අනුපාතිකයක් සහ විචලන සීමාව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේය.
නවතම පුවත්
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
ශ්‍රී ලංකාව තුල, ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීම සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත් විය යුතු බව මහාචාර්ය...
13 May 2024
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු...
11 May 2024
රටේ ණය බර තවත් ඉහළට !
2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95...
06 May 2024
මේ උණුසුම අවදානම් !
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී “දැඩි අවධානය” යොමුකළ යුතු මට්ටමක් දක්වා...
06 May 2024
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව...
24 April 2024
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු...
24 April 2024
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති...
24 April 2024
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
No posts found