නවතම පුවත්

ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 19කින් පහළට

අසංක

අසංක

2022 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව 146 වැනි ස්ථානයට පත්ව තිබේ.

එය පෙර වසරට වඩා මෙවර ස්ථාන 19කින් පහත වැටී ඇත.

Reporters Sans Frontières (RSF) විසින් මෙම ලෝක මාධ්‍ය නිදහස දර්ශකය වාර්ෂිකව සකස් කරනු ලබයි.

ඒ රටවල් 180ක දත්ත විමසා බලමිනි. මෙවර වාර්තාව මේ මස නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අවදානමට ලක්ව ඇති බව ඔවුන් විනිශ්චය කර ඇත.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ ‘විවිධත්වයක් නොමැති මාධ්‍ය අංශ සහ ප්‍රධාන දේශපාලන පවුල් මත බෙහෙවින් රඳා පවතින බැවින්, මෙරට මාධ්‍ය කලාව අවදානමට ලක්ව ඇති’ බවය.

මෙම දර්ශකයේ මෙවර 1,2 හා 3 ස්ථානවල පිළිවෙළින් නෝර්වේ, ඩෙන්මාර්කය හා ස්වීඩනය පැමිණ සිටී.

මාධ්‍ය නිදහසක් නොමැතිම රට බවට පත්ව සිටින්නේ උතුරු කොරියාවයි.

එම දර්ශකය මගින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මෙතැනින්

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි