නවතම පුවත්

බදු පනත් පහක් සංශෝධනය කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

ආර්ථික ස්ථායිතාවය සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් බදු පනත් පහක් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත, 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත, 1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනත, 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත මෙසේ සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවට එසේ අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

2019 වසර අගභාගයේදී ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමටත්, එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය විසින් ගනු ලැබ ඇති තීරණය හේතුවෙන් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

එසේම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අයවැය හිඟය සහ රාජ්‍ය ණය ඉහළ යාමට එකී තීරණය හේතු වී ඇත.

මෙම තත්ත්වය යටතේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් පහත සඳහන් පනත් සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා