නවතම පුවත්

ඉදිරි මාස හය තුල ඩොලර් බිලියන 6ක් සොයාගත යුතුයි – අගමැති

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හා රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ඒ, ඒකාබද්ධ වාණිජ මණ්ඩල සහා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ⁣ව්‍යාපාරිකයන්ගේ සංගමය ඇතුළු වෙළඳ සංගම් නියෝජිතයන් සමඟ අද පැවති සාකච්ඡාවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බවයි. අර්බුදය සමනය කිරීමට උපකාර වන ඕනෑම මුල්‍යමය පාලමක් රඳා පවතින්නේ IMF සමඟ එළඹෙන ගිවිසුමක් මත බව ද එහිදී පෙන්වාදී තිබෙනවා.

පරිත්‍යාගශීලී රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකරන බවත්, ජපානය සමඟ බිඳ වැටී ඇති සබඳතා යථා තත්ත්වයට පත් කරන බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවද අද පැවති සාකච්ඡාවේදී සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය මා’ධ්‍ය ඒකකය සඳහන් කළේ.

හදිසි අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා වන ජාත්‍යන්තර ආයාචනය සඳහා මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නායකත්වය දෙනු ලබන බවයි එහිදී ප්‍රකාශවී ඇත්තේ.

මේ අතර පොහොර සුරක්ෂිත කිරීම සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළක් සැකසීමට එක හා සමාන ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා