නවතම පුවත්

රුසියානු ගුවන් යාන සිද්ධිය හරහා විශාල ආර්ථික හානියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව විසින් , රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයක් රඳවා ගැනීමට අදාළ සිදුවීම හරහා , රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පමණක් නව ආර්ථිකමය වශයෙන්ද ශ්‍රී ලංකාවට විශාල හානියක් සිදුවනු ඇති බව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා සිටී .

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ මෙම ගැටලුව හමුවේ ශ්‍රී ලංකාවට අංශ තුනකින් බලපෑම් එල්ල විය හැකි බවයි.

“රුසියාව අපිට එකඟවෙලා තියෙනවා අඩු මිලට තෙල් දෙන්න. සෘජුවම දෙන්නත් එක්ක එකඟවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට ඉදිරි මාස හතර නැත්නම් හය තුළ රුසියානු සංචාරකයන් ලක්ෂ 4ක් එන්න සැලසුම් කරලා තිබ්බා. මේ දෙකට තමා ගැටලුවක් ඇතිවෙන්නේ. මේක රජයක් රජයන් අතර ප්‍රශ්නයක් නෙමේ පෞද්ගලික සමාගමක් තමයි ඉල්ලලා තියෙන්නේ අධිකරණ නියෝගය. ප්‍රශ්නය තමා ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රිකව එකඟ වෙලා තිබෙනවා රුසියාවේ කිසිදු යාත්‍රාවකට බාධා පමුණුවන්නේ නැහැ කියලා. අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම නිසා රාජතාන්ත්‍රික වශයෙන් ඉහළ මට්ටමේ සම්බන්ධතාව බිඳ වැටීමට ලක් වෙලා තිබෙනවා. මේක හොඳ නැහැ. අපේ බලශක්ති කේෂේත්‍රයට. ඉකනොමික් රිකවරි එකට.”

“මේක මේ වෙලාවේ අපේ තියෙන ආර්ථික තත්ත්වයට ගොඩක් ලොකු තර්ජනයක්. ඔවුන් ඉස්සරහට හොඳ සම්බන්ධතාවයක් තියාගන්න එකක් නැහැ. අපි රුසියාවෙන් තෙල් ගන්න ඩොලර් මිලියන 500ක ක්‍රෙඩිට් ලයින් එකක් ඉල්ල ලා තියෙනවා ඊළඟ මාසේ. ණයට තෙල් ගන්න. ඒකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ තත්ත්වය.” අචාර්ය කන්දඋඩහේවා සඳහන් කළේය.

“මේකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් අධිකරණ ක්‍රියාවලියකට මැදිහත් වෙන්න බැහැ. නමුත් තවත් පැත්තකින් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක වලංගුභාවය නැතිවෙලා තියෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානී අචාර්ය ඩොන් අර්නෝල්ඩ් මහතා සඳහන් කලේ රුසියාව මෙවැනි අර්බුද ඉතා බරපතල ආකාරයෙන් සලකා කටයුතු කරන බවයි . ඒ අනුව ශ්‍රී ලංකා රජය වහා ඉදිරිපත්වී , මෙම ගැටලුව රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් දක්වා ගමන් කිරීම වලක්වා ගත යුතු බවද ඒ මහතා පැවසීය .

දෙරට අතර හා ආර්ථික වශයෙන්ද විශාල හානියක් සිදුවීමට මත්තෙන් මෙම පියවරයන් ගැනීමට වහා ක්‍රියා කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා