නවතම පුවත්

8 වන ජාත්‍යන්තර යෝගා දිනය ශ්‍රී ලංකාවේදීත් සැමරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

8 වැනි ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය) ඊයේ (21)  දින කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී දැවැන්ත උත්සවයක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. ග (ආචාර්ය) සුසිල් ප්‍රේම ජයන්ත, අධ්‍යාපන අමාත්‍ය; ගරු. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර,  වාරිමාර්ග අමාත්‍ය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් -. මනෝ ගනේෂන්,  සුමන්තිරන්,  එම්.ඒ. පලනි දිගම්බරම්. එම් උදයකුමාර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයන් ලෙස සහභාගි වූහ. ඉන්දියාවේ වැඩබලන මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා, මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින යෝගාලෝලීන් සිය ගණනක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

8 වන ජාත්‍යන්තර යෝගා දිනයේ තේමාව වන්නේ "මනුෂ්‍යත්වය සඳහා යෝග" යන්නයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය යෝග දින දේශනයේදී ප්‍රකාශ කළේ 'යෝගා' පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම වැදගත්බවයි. යෝග සමාජයට, ලෝකයට සහ විශ්වයට සාමය ගෙන එයි. ශ්‍රී ලංකා ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පණිවිඩයක් යොමු කරමින් යෝගා යනු ශාරීරික, සමාජීය සහ මානසික යහපැවැත්ම ලබා ගැනීම සඳහා වූ අගනා පුරාණ භාරතීය සම්ප්‍රදායක් ලෙස නිර්වචනය කළේය. විශේෂයෙන්ම කොවිඩ් යුගයේ යෝගාවේ ඇති අතිවිශාල ප්‍රතිලාභ සඳහා මෙවර තේමාව උචිත උපහාරයක් බව ඔහු සඳහන් කළේය.

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, යාපනයේ ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය, හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් 2022 ජූනි 21 වන දිනට යෙදෙන 8 වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල වැඩසටහන් රැසක් සංවිධානය කෙරින

නැගෙනහිර සිට බටහිර දක්වා සූර්යයාගේ ගමන් මඟ හා සබැඳි “ගාඩියන් රින්ග්” නමැති නව්‍ය වැඩසටහන 8 වන ජාත්‍යන්තර යෝගා දිනයේ සුවිශේෂීම අවස්ථාව විය .

2014 වසරේදී ඉන්දියාව විසින් කරන ලද යෝජනාවක් අනුව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මේ ස‍ඳහා රටවල් 170කට වැඩි ගණනක් සහය ලබා දුන් අතර ශ්‍රී ලංකාව ඒ සඳහා සම අනුග්‍රහය දැක්වූ පළමු රටවල් කිහිපය අතරින් එකකි.

ආයුර්වේදය මෙන්ම යෝගා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පොදු උරුමයකි. 2015 වසරේ සිට ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාල ශ්‍රී ලංකා නායකත්වය හා එක්ව ජාත්‍යන්තර යෝගා දිනය මහත් උනන්දුවකින් සමරා ඇත. පසුගිය වසර කිහිපය මුළුල්ලේම එම වැඩසටහන් සඳහා දහස් ගණන් ජනතාව සහභාගී වී ඇත. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පැවති සීමා හේතුවෙන් 2020 සහ 2021 වසර වලදී අතථ්‍ය ආකාරයෙන් පැවති වැඩසටහන් සඳහා ද ජනතාව දැඩි උනන්දුවකින් සහභාගී විය.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්