නවතම පුවත්

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලොව 7 තැනට

අසංක

අසංක

ළමා මන්දපෝෂණ මට්ටම අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධාන වාර්තා මගින් පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම තත්වය ඉදිරියේදී තවත් නරක අතට හැරීමට ඉඩ ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ ය.

මෙරට තුළ සෑම වයස් ඛාණ්ඩයකටම අයත් පිරිස සමස්ත ජනගහනයෙන් 25%කට එනම් ලක්ෂ 50කට වැඩි ජනගහනයකට අද වනවිට මන්දපෝෂණ හා පෝෂණ ගැටලු උග්‍ර වෙමින් පවතින බව ඔහු කියාසිටී.

රටේ සෑම පවුල් 10කින් පවුල් 7කටම මතුවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාරවල ප්‍රමාණය හා ගුණාත්මකභාවය අඩු කිරීමට සිදුවීමේ ගැටලුවට මුහුණ පා ඇති බව ද හෙතෙම කීය.

පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමනාකරණය කර ගනිමින් පෝෂණ ගැටලුවල බලපෑම් අවම කර ගැනීමත් අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට පස් වැදෑරුම් යෝජනාවලියක්ද ඉදිරිපත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්