නවතම පුවත්

ලංකාවට ආධාර දෙන්න , ඇමෙරිකාවේ නියෝජිත පිරිසක් හෙට දිවයිනට .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහල මට්ටමේ ධූත පිරිසක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. 

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳ වඩාත් ඵලදායි ක්‍රම සම්බන්ධයෙන් ගවේශනය කිරීම සඳහා එම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි මෙටර පිහිටි ඇමරිකාන් තානාපති කාර්යාලය නිවේදනය කළේ. 

ලබන 29 වනදා දක්වා මෙරට රැදී සිටින එම ඉහල මට්ටමේ ධූත පිරිසට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්‍රොත්, දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර ලේකම් කෙපී කීඩර්ලින්ද අයත්. එම ඉහල මට්ටමේ ධූත පිරිස දිවයිනේ රැදී සිටින කාලය තුල දේශපාලන නියෝජිකයින්, ආර්ථික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් හමුවීමට නියමිතයි.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩොලර් මිලියට 120ක් සඳහාද කිරි කර්මාන්තය සඳහාද ඩොලර් මිලියන 27ක්ද ආර්ථික අර්බුදයෙන් බලපෑමට පත් වූ පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 05යි දශම 07යි 05ක් ලබා දෙන බව ඇමරිකාන මීට පෙර ප්‍රකාශ කළා. 

ඊට අමතරව අවදානමට ලක්ව සිටින ජනතාව වෙත ජීවනෝපාට ආධාර ලබාදීම සහ ආර්ථික ස්ථායී තත්ත්වයකට ගෙන ඒම සදහා කරන මුල්‍ය ප්‍රතිසංස්කරණවලට තාක්ෂණ සහය ලබාදීමට නව ප්‍රධානයන් ලෙස ඩොලර් මිලියන 06ක ලබා දෙන බව මෙරට පිහිටි ඇමරිකානු  තානාපති කාර්යාලය සදහන් කළා. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්