නවතම පුවත්

ඉන්ධන පිරවුම්හල් පුද්ගලික අංශයට පවරන්න, කැබිනෙට්ටුවේ අනුමැතිය හිමිවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

9Viewsතෙල් නිෂ්පාදනය කරන රටවල්වල පිහිටි සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය  කිරීමට සහ අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුමැතිය හිමිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. මෙලෙස සේවා සැපයීමට ඉදිරිපත් වන සමාගම් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ අදාළමෙහෙයුම්වල පළමු මාස ​​කිහිපය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ බැංකු වෙතින් විදේශ විනිමය ලබා නොගෙන ක්‍රියා කිරීමේ හැකියාව පවතින්නේ නම් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

අදාළ සමාගම් සඳහා සේවා ගාස්තුවකට යටත්ව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන තොග ගබඩා කිරීම, බෙදා හැරීම සඳහා ඇතුළු මුලික යටිතප පහසුකම් සැපයීමේ කර්තව්‍යයට දායක වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

සිපෙට්කෝ සමාගම සතුව දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 1190 සහ නව අලෙවිසැල් LIOC සමාගම සහ තෝරාගත් නව සමාගම් සඳහා ලබා දෙනු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ. 

එසේ වුවද සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යන බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්