ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ඉන්දියාවේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අධ්‍යයන වර්ෂ 2022-23 සඳහා ආයුර්වේදය, යෝගා, යුනානි, සිද්ධ සහ හෝමියෝපති උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට ආයුෂ් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.

  1. ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහිතව මෙම ශිෂ්‍යත්ව සඳහා සුදුසු දක්ෂ ශ්‍රී ලාංකිකයන් තෝරා ගනී.
  2. මෙම ශිෂ්‍යත්ව යටතේ සම්පූර්ණ පන්ති ගාස්තු අවරණය කෙරෙන අතර සම්පූර්ණ පාඨමාලා කාලසීමාව තුළ මාසික නඩත්තු දීමනාවක් ද ලබා දේ. මෙම ශිෂ්‍යත්ව යටතේ නවාතැන් දීමනාවක්, සෞඛ්‍ය පහසුකම් සහ වාර්ෂික දීමනාවක් ද පිරිනැමේ
  3. අවශ්‍ය විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mohe.gov.lk තුළින් ලබා ගත හැක. ICCR A2A වෙබ් අඩවිය (www.a2ascholarships.iccr.gov.in ) වෙත අයදුම්පත් උඩුගත කළ හැකි අවසාන දිනය 2022 ජූලි 15 වන දා වේ. වැඩිදුර විස්තර කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබා ගත හැක. (විද්‍යුත් තැපැල් ලිපිනය [email protected] / දුරකථන අංකය 0112421605, 0112422788 දිගු අංකය – 605).