නවතම පුවත්

පුටින් – ගෝඨා, දුරකථන සාකච්ජාව සාර්ථකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය.

නැවත දැනුම්දෙ නතුරු අත්හිටුවූ එරෝෆ්ලොට් ගුවන් සේවයේ  ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාවකදී ඉල්ලීමක් ද කර ඇත.

දුරකථන සාකච්ඡාවේදී අතීතයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අභියෝග ජයගැනීමට රුසියාව ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ස්තුති කළ බව පැවසෙයි.

වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධන සැපයුම් මිලදී ගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගෙන් ණය පහසුකමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දෙරට අතර මිතුදම ශක්‌තිමත් කර ගැනීම සඳහා සංචාරක,වෙළඳ සහ සංස්කෘතික අංශවල ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එකඟතාවය පළකර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි